Sunday, March 31, 2024

ඉතිං,මම ජීවිතය උපරිමයටම වින්දාද?

ඉතිං,මම ජීවිතය උපරිමයටම වින්දාද? 💔


මේ දක්වා මම ජීවත් වූ ජීවිතය උපරිමයටම මම වින්දා ද යන ප්‍රශ්නය මම බොහෝ අවස්ථාවලදී මගෙන්ම අසන ප්‍රශ්නයක්. කාලයක් යද්දී මම තේරුම් ගන්නවා ජීවිතය උපරිමයටම විදින්න නම් උවමනා එකම එක සාධකයක් විතරයි. එය වනාහි සල්ලි, බලය, දැනුම, ආදරණීය මිනිසුන් හෝ මේ කිසිම දෙයක් නෙවෙයි. එය වනාහි ගෙවෙන මොහොත තුළ ජීවත් වීම ම පමණයි. ඉන්න! මම තව ටිකක් විස්තර කරන්නම්...


ඉස්සර මම ක්‍රිකට් ගහන්න හරිම ආසයි. මගේ ජීවිතයේ සතුටු අංගය වුනේ හවසට යාළුවෝ සමග එකතුවෙලා ගමේ පිට්ටනියේ, කුඹුරේ cricket match ගහන පැය දෙක තුන. හැබැයි ඒ ආසම දෙයටත් අන්තිම දවසක් තිබුණා. මම දැනගෙන හිටියෙත් නැහැ ඒ තමයි මම ගමේ යාලුවෝ එක්ක ක්‍රිකට් ගහන අන්තිම දවස කියලා. අපි කවුරුත් ඒ බව නොදැන එකට එකතුවෙලා ක්‍රිකට් ගහලා හරිම සතුටින් වෙන් වෙලා ගියා...


ඉස්සර හැන්දෑවට ආසම කරන දේ තමයි අම්මා කුස්සියේ උයන වෙලාවට එයාට මොනවා හරි පොඩි උදව්වක් කරන ගමන් බංකුවක් උඩ වාඩිවෙලා කයිය ගහන එක. එදා දවස අම්මත් එක්ක බෙදාගන්න එක. හැබැයි එක දවසකින් පසුව අම්මයි මමයි කුස්සිය ඇතුලේ උයන ගමන් සිදු කරන කතාව ඉවර වුණා. අම්මවත් මමවත් දැනගෙන හිටියේ නෑ අපි නැවත කුස්සිය ඇතුලේ සංවාදවල නිරත නොවන බව...


පොඩි කාලේ ඉදන් මගේ කාමරය හරිම පිළිවෙලයි. මං මාරම ආදරයෙන් මගේ කාමරය බලා ගත්තේ! මගේ ඇඳේ පහස ලබමින් එක් රාත්‍රියකදී ඒ ගෙවෙන්නේ කාමරය තුළ මා ගෙවන අන්තිම රාත්‍රිය බව නොදැන මම නිදා ගත්තා! හදිසියෙන්ම කොළඹට ඇවිත් දැන් අවුරුදු හයකට වැඩියි. අද වෙනතුරු මම තවමත් එක රාත්‍රියක්වත් ඒ ඇඳේ, ඒ කාමරය තුළ නිදාගෙන නෑ...


මම මාරම ආසයි යහළුවන්ව ආශ්‍රය කරන්න. ඉස්සර වගේම අදටත් මට සෑහෙන යහළුවන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බොහෝමයක් වෙලාවට හැන්දෑවට මම ඔවුන්ගේ ගෙදර යනවා. සමහරක් වෙලාවට ඔවුන් මගේ ගෙදර එනවා. අපි සතුටු සාමිචියේ යෙදෙනවා. එහෙම ආව ගොඩක් යහළුවන් දැන් ලෝක සිතියමේ එක එක තැන්වල. හදිසියේම ඔවුන් කතා කරලා " මචං, මට වීසා ඇවිල්ලා.. මම යනවා එහෙනම් " කියලා වෙන් වෙලාම ගියා. අපේ අවසන් ආදරණීයම සතුටු සාමීචියේදී අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒ අපේ අවසන් සතුටු සාමීචිය කියලා... 


ආදරයේදීත් එහෙමයි. මට තිබුණු ප්‍රේම සම්බන්ධතා විවිධ හේතු මත නැවතිලා තියෙනවා. ගෙවල්වල විරෝධතා, තුන්වන පාර්ශ්වවල මැදිහත්වීම් ආදී විවිධ හේතු! අපි අවසාන සිප වැළඳගැනීම සිදුකරන අවස්ථාවේදී අපි දශමයකින් හෝ දැනගෙන සිටියේ නැහැ මේ ගෙවෙන්නෙ අපේ අවසාන සිප වැළඳගැනීම කියලා... 


මට හිටපු හොඳම යහළුවන් මිය ගිහින් තියෙනවා. ඔවුන්ව මුහුණට මුහුණ හමුවූ කිසිම අවස්ථාවකදී මට සිහිනයකින්වත් දැනිලා නැහැ මම නැවත ඔවුන්ව හමු නොවන බව....


මේ වගේ කතන්දර මිලියන ගණනයකින් මගේ ජීවිතය පිරිලා තියෙනවා. මම දන්නවා ඔයාටත් ඒ කතාව එහෙම්මම තමයි. ඉතිං, ජීවිතේ එක මොහොතක්වත් miss කරගන්න එපා! ඒ මොහොත උපරිමයටම විඳින්න. ඒ වෙලාවෙදි වෙන කිසිම දෙයක් ඔළුවේ තියාගන්න එපා! වර්තමානය ඇතුලත විතරක්ම ඉන්න. මොකද නැවත ඒ මොහොත ඔයාගේ ජීවිතයේ කවමදාකදිවත් නොඑන්න පුළුවන් නිසා! 💔


වර්තමානයේ ජීවත් වෙනවා නම්, ඔයා මිය යන අවස්ථාවේදී ඔයාට දැනෙයි "මම මගේ ජීවිතය උපරිමයටම වින්දා!" කියන හැඟීම.

Friday, October 7, 2022

The kids who were strong !

 The kids who were strong !

Children who were strong have started leaving their parents.
The children have started to build their own cages, take their children, and leave their parents to far away countries.
Parents who said "My strength is my children" have started hiding their heart with tears in their eyes and saying "Go safely son". Mom's Diary
How helpless it is to give up the parents you raised and make a choice for the children you raised?
When the "strong children" of parents who thought someday "they will take care of us when we can't" touch their feet saying "we will go and come mom", the tears that fall on their mother's feet, act like you didn't see your children's shoulder without falling down. How helpless is the dead?
When the father wants to buy the medicines, when the salary is not enough to pay for the mother's channels in the purse, the parents' "strong children" tighten their minds and "there's no way to take care of the parents who raised us, and there's no way of feeding the children we raised. So what else can I do except going" give when asked We have had to look down without answers. Mom's Diary
We "celebrate" both World Children's Day and World Adult Day.
Thousands of children in this country like me who thought to give comfort to our parents who suffered for us one day, have fallen to a place where you can't figure out how to provide the next time to satisfy their parents hunger.
Young parents like me who dreamed to give our children the best in this world have fallen into a place where we can't imagine what will happen to our children tomorrow. Mom's Diary
How helpless are we? Our golden parents who see our helplessness as children are giving us a solution today as always.
"Son, our time is over. Whether you live in this country or not we will die tomorrow and day after tomorrow. It's a must. Go and start a new life with your children. You can't go wrong son, wherever you go in the world, you'll go right"
So!
The children who were strong by their parents have started leaving their parents.
The right,
Mom's Diary

Thursday, October 14, 2021

එන්න බැරිවෙයි අයම අම්මට

 


සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන් නැති නිසා...
නිවා ගන්නට දැනුන බඩගිනි
කෑම හොය හොය මම ගියා...
යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස් ගියා...
එද්දි හස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහිවුනා...
පොඩ්ඩා ආසම කන්න පොල්මයි
සිහිවෙලා හිනහත් ගියා...
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා...
ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා....
බලලා වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උනා...
වෙනදා වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිරවෙලා...
කටින් අල්ලන් ඇද්දා තදටම
මගේ මුලු හයියම තියා....
කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා....
උඩින් වැටුනේ යකඩ පතුරක්
බෙල්ල විදගන උල් ගියා...
පෙලාගන කුස රැදුනු බඩගිනි
ගසාගන කොහෙදෝ ගියා..
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උනා...
එන්න බැරිවෙයි අයම අම්මට
පොඩ්ඩෝ අම්මව අහුවුනා...
උබව සිහිවී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උනා...
කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්
පොඩ්ඩෝ එලියට පිටවුනා...
හිර වෙලා මම ගොඩක් ඇඩුවා
උබේ පංගුව බල බලා....

කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...
උසස් මනසට මිනිස් මොලයට
තිරිසන්නු අපි පැරදුනා...






Wednesday, April 10, 2019

Cricket

උඩින්ම ජයසූරිය කියලා හාදයෙක් එනවා.ඕවරේකට එක හයක් හතරකින් ෂේප් වෙන්නේ කලාතුරකින්..
එකක් ගහපු ගමන් ග්ලවුස් ,පෑඩ්ස් ඔක්කොම චෙක් කරලා තමයි ඊලඟ බෝලෙට ගහන්නේ
ජයෙත් එක්ක එන කොට කළු ඩයල් එක කළු-විතාරණ ඇඟේ හැටියට නෙවෙයි වැඩ...
අනිත් ටීම්වල අඩි හයකට වඩා උස බෝලර්ස්ලට සලකපු විදය නම් හරිම අකාරුණිකයි 😢
ඕවර් 15 යද්දි හොඳ ගාණට ගෙනත්..ඊලඟට තමයි ගේම.. 1,2 දාගෙන හීන් නූලෙන් ගේමක් දෙන අපේ ගුරා.. 😘
ඊට පස්සේ පිට්ටනිය වටේටම ඕනේ තැනකට බයක් නැතුව පාරක් ගහන්න පුළුවන් අරවින්ද ... හයක්ද ,හතරක්ද ,එකක්ද , දෙකක්ද ගේමක්ම නෑ. . . 😱
ඔන්න ඊලඟට බඩ තඩියා.. ඇවිදගෙන ගිහින් ලකුණු සම්පූර්ණ කරපු විදිය... දැන් ටීම් එකේ ඉන්න තරුණයන්ට වඩා ෆිට්නස් එකකින් හිටියා.. 😍
ගොඩක් වෙලාවට ඔය ටිකෙන් ඕවර් 50ම ඇදලා..
ඔන්න හදිසියේ විකට් ටිකක් වැටුනා පිට පිට.. ඒකාලේ ඉතින් මේවා අහම්බෙන් වෙන දේවල්
මෙන්න අපේ ලෑලි සංස්ථාව.. හෂාන්.. පස්ස වනවන බැට් කරපු හැටි.. 😂 විකට් එක බේරලා අන්තිම වෙනකල් ඇදන් ගියපු හැටි...
බැටින්ග් ඉවරද ? නෑ නෑ... මෙන්න මහානාම එක , දෙක දාලා ටීම් එක තැනකට ගෙනල්ලා... 👏
ඔන්න අපේ ධර්මෙයි , වාසුයි ඕනේ හදිසියකට ගේම ඇදන් යන්න ලෑස්ති පිට...
අන්තිමට මුරලි ... බැට් කරනවා බලන්න ආසම කෙනා..
ගහන පාරවල් ලස්සන නිසානම් නෙවෙයි.. විකට් වැටිලා මුරලිට චාන්ස් එකක් එන්නේ කලාමතුරකින්.. 😂
ගේමක් දෙන්න පුළුවන් ලකුණු ගාණකට ගිහින් ඔන්න සෙට් එකම රකින්න එනවා බඩතඩියා ඉස්සර කරගෙන.. 😂 ඇඟේ හැටියම වැඩ අපේ අර්ජුන අයියගේ.. මොන ලොකු ටීම් එකක් උනත් සරෙන්ඩර්..
වාස් මුල ඕවර් දෙක තුනේ විකට් ගලවපු නැති එකක් දැකගන්න ඉතින් පිං කරන්න වෙනවා... ඒ තරමටම මුල ටිකේ විකට් ෂුවර්.. ප්රමෝද්ය අත දෙපාරක් කරකවලා දාපු ඒ බෝල් ටික අනිත් ටීම් එකේ බැටාලා මඤ්ඤං කරලම දානවා. 😂
ඔන්න ධර්මෙයි , මුරලියි ඊලඟට ගේමේ ... ඒකටම හරියන ජයසූරිය... 😍
තව අපේ අරවින්දගේ ඕවර් ටික....
අනිත් ටීම් එක දිනන්න ප්ලෑන් කරද්දි අපේ එවුන් ගේම ගහලා..
ඒකටම හරියන ෆීල්ඩ් එක.. මහානාම , ජයසූරිය හොඳටම කරද්දි අනිත් අයත් ඇඟ තිබුනා බඩ තිබුනා කියලා නෑ...
උපරිම ටීම් එකට දීලා එක ලකුණ හරි නවත්තන්නයි ට්රයි කරන්නේ..
බංකුවත් සුපිරියි .. මාවන් , හතුරු , රසල් , පුෂ්පකුමාර .. ඕනෙ වෙලාවක සෙට් එක ලෑස්තියි ගත්තු ගැම්ම ඇදගෙන යන්න..
ලකුණු කීයක් ගැහුවත් ගේම නම් උපරිම ගේම.. පැරදුනත් දුකක් නෑ.. එක ලකුණටත් ෆයිට් කරනවා දකින්නත් ආසයි 🙂
ඒ මැච් .. ඒ ක්රිකට් 😘
ඒ කාලේ ක්රිකට් ආයේ එන්නේ නම් නෑ තමයි... ඒ මතක සටහන් නම් මැරෙන තුරාවට තියෙයි.... 😍 😍 😍

Thursday, March 28, 2019

පොඩ්ඩා ආසම කන්න

සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන් නැති නිසා...
නිවා ගන්නට දැනුන බඩගිනි
කෑම හොය හොය මම ගියා...
යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස් ගියා...
එද්දි අස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහිවුනා...
පොඩ්ඩා ආසම කන්න පොල්මයි
සිහිවෙලා හිනහත් ගියා...
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා...
ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා....
බලලා වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උනා...
වෙනදා වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිරවෙලා...
කටින් අල්ලන් ඇද්දා තදටම
මගේ මුලු හයියම තියා....
කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා....
උඩින් වැටුනේ යකඩ පතුරක්
බෙල්ල විදගන උල් ගියා...
පෙලාගන කුස රැදුනු බඩගිනි
ගසාගන කොහෙදෝ ගියා..
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උනා...
එන්න බැරිවෙයි අයම අම්මට
පොඩ්ඩෝ අම්මව අහුවුනා...
උබව සිහිවී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උනා...
කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්
පොඩ්ඩෝ එලියට පිටවුනා...
හිර වෙලා මම ගොඩක් ඇඩුවා
උබේ පංගුව බල බලා....
කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...
උසස් මනසට මිනිස් මොලයට
තිරිසන්නු අපි පැරදුනා...
(ඔයා දකින හැම සතෙක්ම එක ආත්මෙක හරි ඔයාගෙම අම්මා , තාත්තා වෙලා ඉපදිලා තියනවා...සත්තු දිහා සෙනෙහසින් බලන්න..අපිට දැනෙන වේදනා..බඩගිනි..දුක්..තිරිසන් සත්තුන්ටත් එහෙමම දැනෙන බව අමතක කරන්න එපා...!!)
උපුටා ගැනීම

Monday, August 3, 2015

ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකොට 
මාලනී නැතිවෙලා...
- එච්.එම්. ජයවර්ධන
මම ඉපදුනේ සියඹලාණ්‌ඩුව කියන ගමේ. අම්මයි තාත්තායි දෙන්නම ගොවියො. පවුලෙ අපි පස්‌දෙනයි. මමයි, නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි. මං ඉපදුන එක්‌දාස්‌ නවසිය පනහ දශකය වෙනකොට මේ පැත්තෙ තිබුණෙ බොහොම ගැමි පරිසරයක්‌. ඉස්‌සරම අධ්‍යාපනය හැදෑරුවේ සියඹලාණ්‌ඩුව මහා විද්‍යාලයෙන්. ඉස්‌කෝලෙට හැතැප්ම දෙකක්‌ විතර පයින් යන්න ඕන. ඉතින් අපේ තාත්තා මාව කරේ තියාගන්නවා. කරේ තියාගෙන ඉස්‌කෝලෙට එක්‌ක යනවා.
එක්‌දාස්‌ නවසිය හැටපහේ දී මට ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. මං ආවා පස්‌සර මධ්‍ය මහා විද්‍යාලයට. ඔය වෙනකොට වසන්ත ඔබේසේකරත් පස්‌සර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්‌. අපට ඉතිහාසය ඉගැන්නුවෙ එතුමා. ඒ ගැන ස`දහන් කරන්නෙ මගේ ජීවිතේ වැදගත්ම අවස්‌ථාවක්‌ නිර්මාණය වෙන්න මේ සබ`දතාව බලපාපු හින්දා. ඒක මං කියන්නම්.
ඒ කාලෙ මට හිටියා යාලුවෙක්‌ කිරිවන්තෙ කියලා. කිරිවන්තෙට ජපන් මැන්ඩලීන් එක බටනලාව මරුපහට වාදනය කරන්න පුළුවන්. අපේ නේවාසිකාගාරයේ වෝර්ඩ්න් සුබසිංහ සර්. සර් තමයි ඉස්‌කෝලේ සංගීතය ඉගැන්නුවෙ. සර්ගෙ කාමරෙන් මට ඇහෙනවා ගලන ග`ගකි ජීවිතේ ගීතය වාදනය වෙනවා. මට ආසාවෙ බෑ. හොරෙන් කන් දීගෙන අහගෙන ඉන්නවා. පාසලේ නිවාඩුව ආවා. බටනලාව ගැනයි ජපන් මැන්ඩලීනය ගැනයි මට ලොකු ආශාවක්‌ ඇතිවෙලා තිබුණේ මේ වෙනකොට. මං කිරිවන්තෙගෙන් බටනලාවක්‌ ගත්තා ශත පනහක්‌ දීලා. අරන් ගිහින් ගමේදි බටනලාව වාදනය කළා. කවදාවත් බටනලාව වාදනය කරලා තිබුණෙ නෑ. තේරුමක්‌ ඇතිව නෙමෙයි, ආසාවට නලාව වාදනය කළා. තනියම බටනලාව පිඹින එක පුරුද්දක්‌ වුණා.
පස්‌සෙ මට මේ බටනලාව වාදනය කරන පුරුද්ද අතහරින්න බෑ. නේවාසිකාගාරයට ආවට පස්‌සේ නලාව වාදනය නොකරත් බෑ. වාදනය කරන්න ලඡ්ජයි පිරිසක්‌ ඉස්‌සරහ. මං කළේ නාන කාමරයට ගිහින් වතුරමල ඇරලා ඒ සද්දෙ එක්‌ක බටනලාව වාදනය කරනවා. මේක වැඩිදෙනෙකුට ප්‍රහේළිsකාවක්‌ වුණා. ජයවර්ධනයා බාත්රූම් එකට ගිහින් බටනලා පිඹිනවා. වැඩේ ටිකක්‌ අමුතුයිනෙ... මේක ආරංචි වුණා සුබසිංහ සර්ට. සර් මගෙන් ඇහුවා මොකක්‌ද ළමයෝ මේ කරන්නෙ... ඔයා මේ කරන වැඩේ කිසිම තේරුමක්‌ නෑ. මගේ හවස පන්තියක්‌ තියනවා. ඇවිත් පන්තියට සම්බන්ධ වෙන්න කියලා.
ඉතින් මං හවස පන්තිවලට සම්බන්ධ වුණා. ඒ කාලෙ සමස්‌ත ලංකා තරග වලින් අපේ වාද්‍ය වෘන්දය තුන්වැනි තැන දිනා ගත්තා. මාත් ඒ කණ්‌ඩායමේ වාදකයෙක්‌ ලෙස කටයුතු කළා.
මේ කාලෙ සාමාන්‍ය පෙළ විභාගය තිබුණා. ශිෂ්‍යත්වෙන් පාස්‌ වෙලා පස්‌සර සෙන්ට්‍රල් එකට ආපු මං ඕලෙවල් ෙµaල් වුණා. ඉස්‌කෝලෙ ජීවිතේ ඉවරයි. ගමට ආවා. දැන් රස්‌සාවක්‌ ඕන. මුලින්ම සියඹලාණ්‌aඩුව තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන්නෙක්‌ විදිහට කටයුතු කළා. ඊළ`ගට අම්පාරෙ පොතුලියෑද්දෙ සමූපකාරෙ කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කළා. ඔය අතරෙ ආණ්‌ඩුව ගොවි හමුදාවක්‌ හැදුවා. මාත් ඒකට බැඳුනා. මයියංගනය ඌරණිය පැත්තෙ ගොවිතැන් වැඩට ඇළවල් කපන්න තමයි මං සම්බන්ධ උනේ. පොළවට උදැල්ල ගහනකොට යකඩෙකට ගැහුවා වගෙ ගින්දර විසිවෙනවා. මගේ යාලූවො කියනවා ජයේ... උඹ පස්‌ කපන්න ඕන නෑ. µaලූට්‌ එක ගහපන්. අපි පස්‌ කපන්නම් කියලා.
එතනින් පස්‌සෙ ජීවිතේ ටිකක්‌ අමාරු උනා. මං කුළී වැඩ කළා. ලී ඉරුවා. දැන්නම් පොලිසියෙන් අල්ලන එකක්‌ නෑනෙ මාව. ඇත්තම කියන්නම්. ගංජත් වැව්වා. තාත්තට ආරංචි වෙලා ඇවිත් අවවාද කළා. නවත්තපන් මේ වැඩේ. මේක නීති විරෝධී වැඩක්‌. මං උඹට ආයෙ කියන්නෙ නෑ කියලා. මං තාත්තට කිවුවා තාත්තෙ මං මේ වැඩේ කරන්නෙ සල්ලි හම්බුකරන්න නෙමෙයි, මට රේඩියෝ එකක්‌ ගන්න ඕන හින්දා කියලා. තාත්ත මං දිහා බලන් ඉ`දලා ගියා. ඊළඟ දවසෙ මං යනකොට තාත්තා ගංජා හේනම ගිනි තියලා තිබුණා.
මේ අතරෙ මට ආරංචියක්‌ ආවා ගුවන්විදුලි සංස්‌ථාවෙ සහන වාදක තනතුරක්‌ තියනවා කියලා. මේකට ඉල්ලූම් පත්‍රයක්‌ දැම්මා. මට ඉන්ටවිව් කෝල් කළා. කොළඹ ආවෙ කුරුල්ලෙක්‌ වගේ. ඒ දවස්‌වල ගුවන්විදුලි වාදක මණ්‌ඩලයේ ප්‍රධානියා සෝමදාස ඇල්විටිගල මහත්තයා. සම්මුඛ පරීක්‌ෂණයට පෙනී හිටියා. හේතුව මොකක්‌ද දන්නෙ නෑ මං අසමත් උනා. මං හිතුවා මේක අතහරින්නෙ නෑ කියලා.
කොළඹ නැවතිලා මං ශ්‍රාවස්‌තියට යන්න එන්න ගත්තා. එතැනදි හමුවුණා පස්‌සර මන්ත්‍රීතුමා සෝමපාල සෙනවිරත්නව. ඔහුගෙ නවාතැනේ මං සෑහෙන කාලයක්‌ හිටියා. ඔහුට ඕන කිසිදෙයක්‌ නෙමෙයි. බටනලාව වාදනය කරන්න. පොඩි මධුවිතක්‌ එක්‌ක ඔහු ඒ වාදනය වි`දිනවා. මාත් ඔහු සමග මධුවිතට සම්බන්ධ වෙනවා. ටික දවසක්‌ මෙහෙම ගියා. මං කිවුවා සෝමපාල මහත්තයට මේක හරියන්නෙ නෑ, මට ගුවන්විදුලි වාදක මණ්‌ඩලයට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඔහු ලියුමක්‌ හැදුවා ඇල්විටිගල මහත්තයාට. මුළු ඌව පළාතෙ මන්ත්‍රීවරු ඒ ලියුමට අත්සන් කළා. ලියුම අරන් මං ගියා රජෙක්‌ වගේ. දැන් ඉතිං වැඩේ හරිනෙ. ඇල්විටිගල මාස්‌ටර්ට ලියුම දුන්නා. මාස්‌ටර් මං දිහා බලලා කිවුවා ළමයො මන්ත්‍රීවරුන්ගෙ ලියුම් වලට වාදකයො ගන්න විදිහක්‌ මෙහෙ නෑ... කරුණාකරලා යන්න කියලා.
මං වැටුණෙ නෑ. ඒ වෙනකොට පණ්‌aඩිත් අමරදේවයන් කවුද කියලා මං හ`දුනන්නෙ නෑ. ඒත් ගියා එතුමාගෙ රත්මලානෙ බොරුපන පාරෙ ගෙදරට ලිපිනය හොයාගෙන. ගිහින් කිවුවා සර් මං ආවෙ සියඹලාණ්‌ඩුවෙ ඉඳලා. ගුවන්විදුලි වාදක මණ්‌ඩලයේ පුරප්පාඩුවක්‌ තියනවා දැකලා ආවෙ. මං ඉන්ටර්විව් එක ෙµaල් වුණා. සර්ට පුලූවන්නම් උදව් කරන්න කියලා. අමරදේව මහත්තය ඇහුව මොකක්‌ද ඔයා වාදනය කරන භාණ්‌ඩය කියලා. මං කිවුවා බටනලාව කියලා. හො`දයි... පොඩ්ඩක්‌ වාදනය කරන්න.. මාස්‌ටර් කිවුවා.මං වාදනය කළේ වික්‌ටර් රත්නායකයන්ගේ සිහිල් සුළං රැල්ලේ ගීතය.
ඉතිං ඔයාගේ වාදනේ ප්‍රශ්නයක්‌ නෑනෙ. ඔයාට හො`දට වාදනය කරන්න පුළුවන් නෙ. විනිශ්චය මණ්‌ඩලයෙ මං හෙට ඉන්නවා. ඔයා හෙට එන්න. මාස්‌ටර් කිවුවා.
හරිම සතුටුයි. එන ගමන් මට මතක්‌ උනා වසන්ත ඔබේසේකර සර්ව. මං කෙලින්ම ගියා බම්බලපිටියෙ ලොරිස්‌ රෝඩ් එකේ වසන්ත සර්ගෙ ගෙදර. සර් මාව දැකපු හැටියෙ අ`දුනගත්තා. වසන්ත සර්ට කිවුවා කාරණාව.
සර් සෝමදාස ඇල්විටිගල මාස්‌ටර්ට ලියුමක්‌ ලිවුවා. ඒ ලියුමෙ තිබුණෙ මෙච්චරයි.
හිතවත් සෝමේ... මේ එන්නෙ මගේ ළමයෙක්‌. කරුණාකර මොහුට අවස්‌ථාව ලබා දෙන්න.
මං එතුමාට වැ`දලා ලියුමත් අරන් ආපහු ගියා ගුවන්විදුලි සංස්‌ථාවට. ගිහින් ඇල්විටිගල මහත්තය හම්බවෙලා ලියුම දුන්නා. ලියුම බලලා ඇල්විටිගල මහත්තයා මගෙ දිහා උඩට පහළට බැලුවා. බලලා මෙහෙම ඇහුවා.
"තමුසේ කොහොම ද වසන්තව අ`දුනන්නෙ..?"
එතුමා මගෙ ගුරුවරයෙක්‌. පස්‌සර සෙන්ට්‍රල් එකේදි මගේ ඉතිහාස ගුරුවරයා." මං උත්තර දුන්නා.
"අයිසේ... එක එක දේශපාලකයන්ගෙ ලියුම් අරන් එන්න කලින් මේ ගැන කියන්න එපා යෑ. හෙට ඉ`දලා වැඩට එනවා."
මං ආසම කළ රස්‌සාව ගොවිතැන. සියඹලාණ්‌ඩුවෙ ඉරණම් ගොවියා ඒ කඩඉම පැනගත්තා. ගුවන්විදුලි සංස්‌ථාවෙ සහන වාදකයෙක්‌ විදිහට ජීවිතේ පටන් ගත්තා. ඒ 1973 අවුරුද්දෙ. මගෙ ලෝකයේ දෙවිවරු වගේ හිටිය නිර්මාණකරුවො ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් එක්‌ක රටවල් ගණනාවක සංචාරය කළා. ඔවුන් වෙනුවෙන් සංගීත නිර්මාණය කළා. ඔවුන් ඒ නිර්මාණ වලට සම්මාන ලබද්දි මං පුදුම විදිහට සතුටු වුණා.
මාලනී මට මුණගැහෙන්නෙත් මේ අවධියෙ. එයා හේවුඩ් එකේ ඉගෙන ගන්නකොට අමරදේවයන්ගේ, සනත් නන්දසිරිගෙ ගායනා වලට කෝරස්‌ කියන්න එනවා. ඒ කාලෙදි ඇතිකරගත්තු හැ`දුනුම්කමින් පස්‌සෙ 1979 දි අපි විවාහ වුණා.
මං මුලින්ම සංගීත අධ්‍යක්‌ෂණය කළෙත් මාලනී ගෙ "රජ මැදුරක ඉපදී සිටියා නම්" ගීතයට. රඹුකන හාමුදුරුවො ලියපු ටී. එම්. කියන "සියක්‌ ආයු ලැබ" ගීතය කළේ ඊට පස්‌සෙ. අමතක නොවන අවස්‌ථා කීපයක්‌ තියනවා. ජී.එස්‌.බී. රාණි පෙරේරා අධ්‍යක්‌ෂණය කළා වැඩසටහනක්‌. ඒකට "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය නිර්මාණය කළා. මින් පස්‌සෙ ගොඩක්‌ දෙනෙකුගෙන් මට ඇරයුම් ලැබුණා. ලංකාවෙ පළවෙනි කැසට්‌ නිෂ්aපාදකවරයා විජය රාමනායක. ඔහුගේ කැසට්‌ පටයකට මං නිර්මාණය කළා "රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්" ගීතය.
මේ අතරෙ මටයි රෝහණ වීරසිංහයන්ටයි විජය රාමනායක භාරදුන්නා "ආරාධනා" චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහා අප දෙන්නටම සරසවි සම්මාන ලැබුණා. සම්මාන ගැන කියනකොට නොකියම බැරි කතාවක්‌ තියනවා. මට "මුහුදු ලිහිණි"චිත්‍රපටයට මියුසික්‌ කරන්න ලැබුණා. ඒ චිත්‍රපටය වෙනුවෙන් එක්‌දාස්‌ නවසිය අසූ හතරෙ හො`දම පසුබිම් සංගීතයට හා තනු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානය ලැබුණා මට. අමරදේව මහත්තයට හො`දම ගායකයට හිමි සම්මානය ලැබුණා. මං මගෙ සම්මානය අරගන්න ගියෙ නෑ. මොකද ඒ අවස්‌ථාවෙ මගෙ සංගීතයත් එක්‌ක සම්මානයට නිර්දේශ වෙලා තිබුණෙ කේමදාසයන් සංගීතවත් කළ තුන්වෙනි යාමය චිත්‍රපටය. ඒ සංගීතය එක්‌ක සස`දනකොට මට ම දැනුනා මගේ සංගීතය ඊට සාපේක්‌ෂව ගොඩක්‌ මදි කියලා. මගේ හෘද සාක්‌ෂිය මට ඉඩ දුන්නෙ නෑ ගිහින් ඒ සම්මානය ගන්න. කේමදාසයන්ගේ නිර්මාණය අගය කිරීමක්‌ කරන්න පුළුවන් එකම විදිහයි මං දැක්‌කෙ. මං මගේ සම්මානය ප්‍රතික්‌ෂේප කළා. එදයින් පස්‌සෙ බොහෝ නිෂ්පාදකවරු මට චිත්‍රපට දුන්නෙ නෑ. මොකද සම්මානයක්‌ ලැබුණත් ගන්නෙ නැති මිනිස්‌සු එක්‌ක වැඩකරන්න බෑ කියලා.
මගේ ජීවිතේ ලොකුම බිඳවැටීම් දෙක සිද්ධවුණේ මගේ දුව සහ මාලනී නැතිවීම එක්‌ක. දුව නැතිවෙනකොට අවුරුදු දෙකහමාරයි. ඒ වෙනකොට කසුන්ට අවුරුදු හතක්‌ ඇති. එදා මං හිටියෙ රෙකෝඩින් එකක. දුව අසනීප තත්ත්වෙන් පසුවුණා. පස්‌සෙ ගිහින් හොස්‌පිට්‌ල් ඇඩ්මිට්‌ කළා. මට කෝල් එකක්‌ ආවා දරුවා නැතිවුණා කියලා. ඩෙංගු හැදිලා තිබුණෙ. ඩෙංගු හ`දුනගත්තු මුල්ම කාලෙ. මට මේ දුක දරාගන්න බැරිවුණා. මං පුරුද්දක්‌ කරගත්තා හො`දටම මත්පැන් පානය කරලා බොරලැස්‌ගමුව කනත්තට ගිහින් රෑට දුවගේ සොහොන උඩ නිදිය ගන්න. මේ පුරුද්ද නැතිවුණේ මාලනී පොලිසියට පැමිණිලි කරලා පොලිසිය මැදිහත් වුණාට පස්‌සෙ.
මාලනී නැතිවෙන ආරංචිය එනකොට මං හිටියෙ සුනිල් සරත් ගේ ගීයකට මෙලඩි එකක්‌ දමමින්. ඒ ගීතය තමයි "ඇය යන්න ගියා මැකිලා" කියන ගීතය. මේ ගීතය අතට ගත්තු වෙලාවෙ ඉ`දන් මට ඉවක්‌ වගේ දැනුන කරදරයක්‌ අත ළ`ග කියලා. මං තනුව නිර්මාණය කරලා මියුසික්‌ පේපර්ස්‌ බාරදුන්නා. බාරදීලා කිවුවා මට එන්න ලැබෙන්නෙ නෑ, පොඩ්ඩක්‌ අසනීපයි, මේ ගීතය පටිගත කරන්න කියලා. මං ගෙදර ආවා. ගෙදරදි මට ආරංචි වුණා මාලනී නැතිවුණා කියලා.
හේ මොහොතකට සිය කතාව නවත්වයි. සිහින් සුසුමක්‌ පිටවනු ඇසේ. කසුන් කල්හාරයන් පිළිබ`ද නොවිමසා සිටිය හැකි නොවේ. අපේ පරම්පරාවේ සංගීත නිර්මාණකරණයේ අනාගතය ඔහුගෙන් රූපණය වන බැවිනි.
කසුන් කියන්නෙ තාත්ත කෙනෙක්‌ විදිහට ආඩම්බර වෙන්න ඕන පුතෙක්‌. එයා පුලූවන් හැම වෙලාවෙම මාව බලනවා. ඔහු ඉන්නෙ වෙනම තැනක. මහා රැළි අතරෙ ඔහු ඔහුගේ අනන්‍යතාවය ආරක්‌ෂා කරගෙන ඉන්නවා.
කිසිදාක මුදල් පසුපස හඹා නොගිය මේ සො`දුරු මිනිසාට යළිත් කතාවට ඉඩදී අසා සිටියෙමි. ඒ ජීවිතය විනිවිද පෙනෙනා දිය පොදක්‌ සේ පැහැදිලිය. ඔහු මේ මොහොත ගැන කතාකරමින් සිටියේය.
අද මම ගෙවන්නේ වෙනත් ජීවිතයක්‌. මාව බලාගන්නේ මාලනීගේ යාලූවෙක්‌. ඇය නිලු. පොඩි දරුවෙක්‌ බලාගන්නවා වාගේ ඇය මා බලා ගන්නවා. මීට අවුරුද්දකට පෙර මට පොඩ්ඩක්‌ අමාරු උනා. බලනකොට වකුගඩුවල ගැටලුවක්‌. මේ රටේ ලක්‌ෂ ගාණක්‌ මිනිස්‌සුන්ට මේ ලෙඩේ තියනවා. ඒ හින්දා මං ඒ ගැන කල්පනා කරන්නෙ නෑ. දැනට කුරුණෑගල ආයුර්වේද වෙදමහත්තයෙකුගෙන් බේත් ගන්නවා. ඔබ මං ගැන දන්නවා. මගෙන් වැඩක්‌ කරගන්න ආපු කිසි කෙනෙකුට මගෙ මිල කියන පුරුද්දක්‌ මට නෑ. මුදල් සම්බන්ධව මගේ අත්දැකීම කොහොමද කියනවානම් මට බැංකුවකට ගිහින් වැඩක්‌ කරගන්න තවම අවබෝධයක්‌ නෑ. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. ඒත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.
දැන් බලන්න. වාහනයක්‌ හයර් කරගෙන බේත් ටික අරන් එන්න මාසෙකට රුපියල් පනස්‌ දාහක්‌ විතර යනවා. මේ ගෙදර ඉන්නෙ කුලියට. ගෙවල් කුලී විසි දාහක්‌ යනවා. ඒත් කවදාවත් මට සල්ලි නෑ කියන පීඩාව ඇතිවෙලා නෑ. මං කිසිකෙනකුට වරදක්‌ කරලා නෑ. වරදක්‌ වෙන්නෙත් නෑ. කසුන් හැකි පමණින් මං ගැන බලනවා. ඒ හැරුණුවිට මුදල් අඩුපාඩු වෙලාවට කවුරු හෝ ඇවිත් මට උදව් කරනවා. අසනීපයි කියලා මගේ නිර්මාණ ජීවිතේ තවම නැවතිලා නෑ. ළ`ගදීත් බණ්‌ඩාර අතාවුදට, ඉන්ද්‍රdනි බෝගොඩට, ටී.එම් ට නිර්මාණ කීපයක්‌ කළා. ඊයේ උදේ වරුවෙ ගුවන්විදුලි වැඩසටහන් දෙකකට සහභාගී වුණා. මේ ගතවෙන මොහොත ගැන මං තෘප්තිමත්.
ඔහු කතාව හමාර කර සිනාසෙන නෙත් වලින් බලා හි`දී. ඒ බොරපැහැ ගැනෙමින් ඇති නෙත් තුළ පැතිරීගිය උපේක්‌ෂාව ඔහු පෙළන කායික වේදනාව ස`ගවා ඇති අයුරු දකිමි. ගෙල තෙක්‌ වැටෙන්නට හැර ඇති පැසුණු හිසකෙස්‌ සහිත මේ සො`දුරු මිනිසා එච්.එම් ජයවර්ධන නමැති මහා යෝධයා ගැන සිහිනය මගෙන් දුරස්‌ කරයි. දැන් මා දකින්නේ කිසිදාක මියනොගිය සියඹලාණ්‌aඩුවේ ගැමියා ය. අහිමි වීමෙන් උපදිනා සංවේදන උපේක්‌ෂා සහගත තෘප්තියකින් වින්දනය කළ හැකි ශික්‌ෂණය ඇතිවන්නේ ඒ ගැමියන් තුළය. මහපොළොව හා ගැටි ගැටී බොහෝ කටුසර භෝග වගාකොට එහි ඵල බර දකිමින් ගිමන් හරින වියපත් ගොවියෙකුගේ තෘප්තිමත් වත මේ කෙස`ග මිනිසා තුළ පෙනේ. එච්.එම්. ජයවර්ධන නමැති ප්‍රභූ ගාන්ධර්වයා ඒ අව්‍යාජ ගැමියාගේ අධ්‍යාත්මයේ රූපණයක්‌ම යෑයි විශ්වාස කරමි.
ජානක ලියනආරච්චි

Tuesday, July 21, 2015

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා- ලක්බිම පුවත්පත ඇසුරින්.

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක්
ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”
මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.
පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි.
අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී
වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු
ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.
- ලක්බිම පුවත්පත ඇසුරින්.