Monday, August 3, 2015

ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකොට 
මාලනී නැතිවෙලා...
- එච්.එම්. ජයවර්ධන
මම ඉපදුනේ සියඹලාණ්‌ඩුව කියන ගමේ. අම්මයි තාත්තායි දෙන්නම ගොවියො. පවුලෙ අපි පස්‌දෙනයි. මමයි, නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි. මං ඉපදුන එක්‌දාස්‌ නවසිය පනහ දශකය වෙනකොට මේ පැත්තෙ තිබුණෙ බොහොම ගැමි පරිසරයක්‌. ඉස්‌සරම අධ්‍යාපනය හැදෑරුවේ සියඹලාණ්‌ඩුව මහා විද්‍යාලයෙන්. ඉස්‌කෝලෙට හැතැප්ම දෙකක්‌ විතර පයින් යන්න ඕන. ඉතින් අපේ තාත්තා මාව කරේ තියාගන්නවා. කරේ තියාගෙන ඉස්‌කෝලෙට එක්‌ක යනවා.
එක්‌දාස්‌ නවසිය හැටපහේ දී මට ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. මං ආවා පස්‌සර මධ්‍ය මහා විද්‍යාලයට. ඔය වෙනකොට වසන්ත ඔබේසේකරත් පස්‌සර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්‌. අපට ඉතිහාසය ඉගැන්නුවෙ එතුමා. ඒ ගැන ස`දහන් කරන්නෙ මගේ ජීවිතේ වැදගත්ම අවස්‌ථාවක්‌ නිර්මාණය වෙන්න මේ සබ`දතාව බලපාපු හින්දා. ඒක මං කියන්නම්.
ඒ කාලෙ මට හිටියා යාලුවෙක්‌ කිරිවන්තෙ කියලා. කිරිවන්තෙට ජපන් මැන්ඩලීන් එක බටනලාව මරුපහට වාදනය කරන්න පුළුවන්. අපේ නේවාසිකාගාරයේ වෝර්ඩ්න් සුබසිංහ සර්. සර් තමයි ඉස්‌කෝලේ සංගීතය ඉගැන්නුවෙ. සර්ගෙ කාමරෙන් මට ඇහෙනවා ගලන ග`ගකි ජීවිතේ ගීතය වාදනය වෙනවා. මට ආසාවෙ බෑ. හොරෙන් කන් දීගෙන අහගෙන ඉන්නවා. පාසලේ නිවාඩුව ආවා. බටනලාව ගැනයි ජපන් මැන්ඩලීනය ගැනයි මට ලොකු ආශාවක්‌ ඇතිවෙලා තිබුණේ මේ වෙනකොට. මං කිරිවන්තෙගෙන් බටනලාවක්‌ ගත්තා ශත පනහක්‌ දීලා. අරන් ගිහින් ගමේදි බටනලාව වාදනය කළා. කවදාවත් බටනලාව වාදනය කරලා තිබුණෙ නෑ. තේරුමක්‌ ඇතිව නෙමෙයි, ආසාවට නලාව වාදනය කළා. තනියම බටනලාව පිඹින එක පුරුද්දක්‌ වුණා.
පස්‌සෙ මට මේ බටනලාව වාදනය කරන පුරුද්ද අතහරින්න බෑ. නේවාසිකාගාරයට ආවට පස්‌සේ නලාව වාදනය නොකරත් බෑ. වාදනය කරන්න ලඡ්ජයි පිරිසක්‌ ඉස්‌සරහ. මං කළේ නාන කාමරයට ගිහින් වතුරමල ඇරලා ඒ සද්දෙ එක්‌ක බටනලාව වාදනය කරනවා. මේක වැඩිදෙනෙකුට ප්‍රහේළිsකාවක්‌ වුණා. ජයවර්ධනයා බාත්රූම් එකට ගිහින් බටනලා පිඹිනවා. වැඩේ ටිකක්‌ අමුතුයිනෙ... මේක ආරංචි වුණා සුබසිංහ සර්ට. සර් මගෙන් ඇහුවා මොකක්‌ද ළමයෝ මේ කරන්නෙ... ඔයා මේ කරන වැඩේ කිසිම තේරුමක්‌ නෑ. මගේ හවස පන්තියක්‌ තියනවා. ඇවිත් පන්තියට සම්බන්ධ වෙන්න කියලා.
ඉතින් මං හවස පන්තිවලට සම්බන්ධ වුණා. ඒ කාලෙ සමස්‌ත ලංකා තරග වලින් අපේ වාද්‍ය වෘන්දය තුන්වැනි තැන දිනා ගත්තා. මාත් ඒ කණ්‌ඩායමේ වාදකයෙක්‌ ලෙස කටයුතු කළා.
මේ කාලෙ සාමාන්‍ය පෙළ විභාගය තිබුණා. ශිෂ්‍යත්වෙන් පාස්‌ වෙලා පස්‌සර සෙන්ට්‍රල් එකට ආපු මං ඕලෙවල් ෙµaල් වුණා. ඉස්‌කෝලෙ ජීවිතේ ඉවරයි. ගමට ආවා. දැන් රස්‌සාවක්‌ ඕන. මුලින්ම සියඹලාණ්‌aඩුව තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන්නෙක්‌ විදිහට කටයුතු කළා. ඊළ`ගට අම්පාරෙ පොතුලියෑද්දෙ සමූපකාරෙ කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කළා. ඔය අතරෙ ආණ්‌ඩුව ගොවි හමුදාවක්‌ හැදුවා. මාත් ඒකට බැඳුනා. මයියංගනය ඌරණිය පැත්තෙ ගොවිතැන් වැඩට ඇළවල් කපන්න තමයි මං සම්බන්ධ උනේ. පොළවට උදැල්ල ගහනකොට යකඩෙකට ගැහුවා වගෙ ගින්දර විසිවෙනවා. මගේ යාලූවො කියනවා ජයේ... උඹ පස්‌ කපන්න ඕන නෑ. µaලූට්‌ එක ගහපන්. අපි පස්‌ කපන්නම් කියලා.
එතනින් පස්‌සෙ ජීවිතේ ටිකක්‌ අමාරු උනා. මං කුළී වැඩ කළා. ලී ඉරුවා. දැන්නම් පොලිසියෙන් අල්ලන එකක්‌ නෑනෙ මාව. ඇත්තම කියන්නම්. ගංජත් වැව්වා. තාත්තට ආරංචි වෙලා ඇවිත් අවවාද කළා. නවත්තපන් මේ වැඩේ. මේක නීති විරෝධී වැඩක්‌. මං උඹට ආයෙ කියන්නෙ නෑ කියලා. මං තාත්තට කිවුවා තාත්තෙ මං මේ වැඩේ කරන්නෙ සල්ලි හම්බුකරන්න නෙමෙයි, මට රේඩියෝ එකක්‌ ගන්න ඕන හින්දා කියලා. තාත්ත මං දිහා බලන් ඉ`දලා ගියා. ඊළඟ දවසෙ මං යනකොට තාත්තා ගංජා හේනම ගිනි තියලා තිබුණා.
මේ අතරෙ මට ආරංචියක්‌ ආවා ගුවන්විදුලි සංස්‌ථාවෙ සහන වාදක තනතුරක්‌ තියනවා කියලා. මේකට ඉල්ලූම් පත්‍රයක්‌ දැම්මා. මට ඉන්ටවිව් කෝල් කළා. කොළඹ ආවෙ කුරුල්ලෙක්‌ වගේ. ඒ දවස්‌වල ගුවන්විදුලි වාදක මණ්‌ඩලයේ ප්‍රධානියා සෝමදාස ඇල්විටිගල මහත්තයා. සම්මුඛ පරීක්‌ෂණයට පෙනී හිටියා. හේතුව මොකක්‌ද දන්නෙ නෑ මං අසමත් උනා. මං හිතුවා මේක අතහරින්නෙ නෑ කියලා.
කොළඹ නැවතිලා මං ශ්‍රාවස්‌තියට යන්න එන්න ගත්තා. එතැනදි හමුවුණා පස්‌සර මන්ත්‍රීතුමා සෝමපාල සෙනවිරත්නව. ඔහුගෙ නවාතැනේ මං සෑහෙන කාලයක්‌ හිටියා. ඔහුට ඕන කිසිදෙයක්‌ නෙමෙයි. බටනලාව වාදනය කරන්න. පොඩි මධුවිතක්‌ එක්‌ක ඔහු ඒ වාදනය වි`දිනවා. මාත් ඔහු සමග මධුවිතට සම්බන්ධ වෙනවා. ටික දවසක්‌ මෙහෙම ගියා. මං කිවුවා සෝමපාල මහත්තයට මේක හරියන්නෙ නෑ, මට ගුවන්විදුලි වාදක මණ්‌ඩලයට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඔහු ලියුමක්‌ හැදුවා ඇල්විටිගල මහත්තයාට. මුළු ඌව පළාතෙ මන්ත්‍රීවරු ඒ ලියුමට අත්සන් කළා. ලියුම අරන් මං ගියා රජෙක්‌ වගේ. දැන් ඉතිං වැඩේ හරිනෙ. ඇල්විටිගල මාස්‌ටර්ට ලියුම දුන්නා. මාස්‌ටර් මං දිහා බලලා කිවුවා ළමයො මන්ත්‍රීවරුන්ගෙ ලියුම් වලට වාදකයො ගන්න විදිහක්‌ මෙහෙ නෑ... කරුණාකරලා යන්න කියලා.
මං වැටුණෙ නෑ. ඒ වෙනකොට පණ්‌aඩිත් අමරදේවයන් කවුද කියලා මං හ`දුනන්නෙ නෑ. ඒත් ගියා එතුමාගෙ රත්මලානෙ බොරුපන පාරෙ ගෙදරට ලිපිනය හොයාගෙන. ගිහින් කිවුවා සර් මං ආවෙ සියඹලාණ්‌ඩුවෙ ඉඳලා. ගුවන්විදුලි වාදක මණ්‌ඩලයේ පුරප්පාඩුවක්‌ තියනවා දැකලා ආවෙ. මං ඉන්ටර්විව් එක ෙµaල් වුණා. සර්ට පුලූවන්නම් උදව් කරන්න කියලා. අමරදේව මහත්තය ඇහුව මොකක්‌ද ඔයා වාදනය කරන භාණ්‌ඩය කියලා. මං කිවුවා බටනලාව කියලා. හො`දයි... පොඩ්ඩක්‌ වාදනය කරන්න.. මාස්‌ටර් කිවුවා.මං වාදනය කළේ වික්‌ටර් රත්නායකයන්ගේ සිහිල් සුළං රැල්ලේ ගීතය.
ඉතිං ඔයාගේ වාදනේ ප්‍රශ්නයක්‌ නෑනෙ. ඔයාට හො`දට වාදනය කරන්න පුළුවන් නෙ. විනිශ්චය මණ්‌ඩලයෙ මං හෙට ඉන්නවා. ඔයා හෙට එන්න. මාස්‌ටර් කිවුවා.
හරිම සතුටුයි. එන ගමන් මට මතක්‌ උනා වසන්ත ඔබේසේකර සර්ව. මං කෙලින්ම ගියා බම්බලපිටියෙ ලොරිස්‌ රෝඩ් එකේ වසන්ත සර්ගෙ ගෙදර. සර් මාව දැකපු හැටියෙ අ`දුනගත්තා. වසන්ත සර්ට කිවුවා කාරණාව.
සර් සෝමදාස ඇල්විටිගල මාස්‌ටර්ට ලියුමක්‌ ලිවුවා. ඒ ලියුමෙ තිබුණෙ මෙච්චරයි.
හිතවත් සෝමේ... මේ එන්නෙ මගේ ළමයෙක්‌. කරුණාකර මොහුට අවස්‌ථාව ලබා දෙන්න.
මං එතුමාට වැ`දලා ලියුමත් අරන් ආපහු ගියා ගුවන්විදුලි සංස්‌ථාවට. ගිහින් ඇල්විටිගල මහත්තය හම්බවෙලා ලියුම දුන්නා. ලියුම බලලා ඇල්විටිගල මහත්තයා මගෙ දිහා උඩට පහළට බැලුවා. බලලා මෙහෙම ඇහුවා.
"තමුසේ කොහොම ද වසන්තව අ`දුනන්නෙ..?"
එතුමා මගෙ ගුරුවරයෙක්‌. පස්‌සර සෙන්ට්‍රල් එකේදි මගේ ඉතිහාස ගුරුවරයා." මං උත්තර දුන්නා.
"අයිසේ... එක එක දේශපාලකයන්ගෙ ලියුම් අරන් එන්න කලින් මේ ගැන කියන්න එපා යෑ. හෙට ඉ`දලා වැඩට එනවා."
මං ආසම කළ රස්‌සාව ගොවිතැන. සියඹලාණ්‌ඩුවෙ ඉරණම් ගොවියා ඒ කඩඉම පැනගත්තා. ගුවන්විදුලි සංස්‌ථාවෙ සහන වාදකයෙක්‌ විදිහට ජීවිතේ පටන් ගත්තා. ඒ 1973 අවුරුද්දෙ. මගෙ ලෝකයේ දෙවිවරු වගේ හිටිය නිර්මාණකරුවො ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් එක්‌ක රටවල් ගණනාවක සංචාරය කළා. ඔවුන් වෙනුවෙන් සංගීත නිර්මාණය කළා. ඔවුන් ඒ නිර්මාණ වලට සම්මාන ලබද්දි මං පුදුම විදිහට සතුටු වුණා.
මාලනී මට මුණගැහෙන්නෙත් මේ අවධියෙ. එයා හේවුඩ් එකේ ඉගෙන ගන්නකොට අමරදේවයන්ගේ, සනත් නන්දසිරිගෙ ගායනා වලට කෝරස්‌ කියන්න එනවා. ඒ කාලෙදි ඇතිකරගත්තු හැ`දුනුම්කමින් පස්‌සෙ 1979 දි අපි විවාහ වුණා.
මං මුලින්ම සංගීත අධ්‍යක්‌ෂණය කළෙත් මාලනී ගෙ "රජ මැදුරක ඉපදී සිටියා නම්" ගීතයට. රඹුකන හාමුදුරුවො ලියපු ටී. එම්. කියන "සියක්‌ ආයු ලැබ" ගීතය කළේ ඊට පස්‌සෙ. අමතක නොවන අවස්‌ථා කීපයක්‌ තියනවා. ජී.එස්‌.බී. රාණි පෙරේරා අධ්‍යක්‌ෂණය කළා වැඩසටහනක්‌. ඒකට "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය නිර්මාණය කළා. මින් පස්‌සෙ ගොඩක්‌ දෙනෙකුගෙන් මට ඇරයුම් ලැබුණා. ලංකාවෙ පළවෙනි කැසට්‌ නිෂ්aපාදකවරයා විජය රාමනායක. ඔහුගේ කැසට්‌ පටයකට මං නිර්මාණය කළා "රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්" ගීතය.
මේ අතරෙ මටයි රෝහණ වීරසිංහයන්ටයි විජය රාමනායක භාරදුන්නා "ආරාධනා" චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහා අප දෙන්නටම සරසවි සම්මාන ලැබුණා. සම්මාන ගැන කියනකොට නොකියම බැරි කතාවක්‌ තියනවා. මට "මුහුදු ලිහිණි"චිත්‍රපටයට මියුසික්‌ කරන්න ලැබුණා. ඒ චිත්‍රපටය වෙනුවෙන් එක්‌දාස්‌ නවසිය අසූ හතරෙ හො`දම පසුබිම් සංගීතයට හා තනු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානය ලැබුණා මට. අමරදේව මහත්තයට හො`දම ගායකයට හිමි සම්මානය ලැබුණා. මං මගෙ සම්මානය අරගන්න ගියෙ නෑ. මොකද ඒ අවස්‌ථාවෙ මගෙ සංගීතයත් එක්‌ක සම්මානයට නිර්දේශ වෙලා තිබුණෙ කේමදාසයන් සංගීතවත් කළ තුන්වෙනි යාමය චිත්‍රපටය. ඒ සංගීතය එක්‌ක සස`දනකොට මට ම දැනුනා මගේ සංගීතය ඊට සාපේක්‌ෂව ගොඩක්‌ මදි කියලා. මගේ හෘද සාක්‌ෂිය මට ඉඩ දුන්නෙ නෑ ගිහින් ඒ සම්මානය ගන්න. කේමදාසයන්ගේ නිර්මාණය අගය කිරීමක්‌ කරන්න පුළුවන් එකම විදිහයි මං දැක්‌කෙ. මං මගේ සම්මානය ප්‍රතික්‌ෂේප කළා. එදයින් පස්‌සෙ බොහෝ නිෂ්පාදකවරු මට චිත්‍රපට දුන්නෙ නෑ. මොකද සම්මානයක්‌ ලැබුණත් ගන්නෙ නැති මිනිස්‌සු එක්‌ක වැඩකරන්න බෑ කියලා.
මගේ ජීවිතේ ලොකුම බිඳවැටීම් දෙක සිද්ධවුණේ මගේ දුව සහ මාලනී නැතිවීම එක්‌ක. දුව නැතිවෙනකොට අවුරුදු දෙකහමාරයි. ඒ වෙනකොට කසුන්ට අවුරුදු හතක්‌ ඇති. එදා මං හිටියෙ රෙකෝඩින් එකක. දුව අසනීප තත්ත්වෙන් පසුවුණා. පස්‌සෙ ගිහින් හොස්‌පිට්‌ල් ඇඩ්මිට්‌ කළා. මට කෝල් එකක්‌ ආවා දරුවා නැතිවුණා කියලා. ඩෙංගු හැදිලා තිබුණෙ. ඩෙංගු හ`දුනගත්තු මුල්ම කාලෙ. මට මේ දුක දරාගන්න බැරිවුණා. මං පුරුද්දක්‌ කරගත්තා හො`දටම මත්පැන් පානය කරලා බොරලැස්‌ගමුව කනත්තට ගිහින් රෑට දුවගේ සොහොන උඩ නිදිය ගන්න. මේ පුරුද්ද නැතිවුණේ මාලනී පොලිසියට පැමිණිලි කරලා පොලිසිය මැදිහත් වුණාට පස්‌සෙ.
මාලනී නැතිවෙන ආරංචිය එනකොට මං හිටියෙ සුනිල් සරත් ගේ ගීයකට මෙලඩි එකක්‌ දමමින්. ඒ ගීතය තමයි "ඇය යන්න ගියා මැකිලා" කියන ගීතය. මේ ගීතය අතට ගත්තු වෙලාවෙ ඉ`දන් මට ඉවක්‌ වගේ දැනුන කරදරයක්‌ අත ළ`ග කියලා. මං තනුව නිර්මාණය කරලා මියුසික්‌ පේපර්ස්‌ බාරදුන්නා. බාරදීලා කිවුවා මට එන්න ලැබෙන්නෙ නෑ, පොඩ්ඩක්‌ අසනීපයි, මේ ගීතය පටිගත කරන්න කියලා. මං ගෙදර ආවා. ගෙදරදි මට ආරංචි වුණා මාලනී නැතිවුණා කියලා.
හේ මොහොතකට සිය කතාව නවත්වයි. සිහින් සුසුමක්‌ පිටවනු ඇසේ. කසුන් කල්හාරයන් පිළිබ`ද නොවිමසා සිටිය හැකි නොවේ. අපේ පරම්පරාවේ සංගීත නිර්මාණකරණයේ අනාගතය ඔහුගෙන් රූපණය වන බැවිනි.
කසුන් කියන්නෙ තාත්ත කෙනෙක්‌ විදිහට ආඩම්බර වෙන්න ඕන පුතෙක්‌. එයා පුලූවන් හැම වෙලාවෙම මාව බලනවා. ඔහු ඉන්නෙ වෙනම තැනක. මහා රැළි අතරෙ ඔහු ඔහුගේ අනන්‍යතාවය ආරක්‌ෂා කරගෙන ඉන්නවා.
කිසිදාක මුදල් පසුපස හඹා නොගිය මේ සො`දුරු මිනිසාට යළිත් කතාවට ඉඩදී අසා සිටියෙමි. ඒ ජීවිතය විනිවිද පෙනෙනා දිය පොදක්‌ සේ පැහැදිලිය. ඔහු මේ මොහොත ගැන කතාකරමින් සිටියේය.
අද මම ගෙවන්නේ වෙනත් ජීවිතයක්‌. මාව බලාගන්නේ මාලනීගේ යාලූවෙක්‌. ඇය නිලු. පොඩි දරුවෙක්‌ බලාගන්නවා වාගේ ඇය මා බලා ගන්නවා. මීට අවුරුද්දකට පෙර මට පොඩ්ඩක්‌ අමාරු උනා. බලනකොට වකුගඩුවල ගැටලුවක්‌. මේ රටේ ලක්‌ෂ ගාණක්‌ මිනිස්‌සුන්ට මේ ලෙඩේ තියනවා. ඒ හින්දා මං ඒ ගැන කල්පනා කරන්නෙ නෑ. දැනට කුරුණෑගල ආයුර්වේද වෙදමහත්තයෙකුගෙන් බේත් ගන්නවා. ඔබ මං ගැන දන්නවා. මගෙන් වැඩක්‌ කරගන්න ආපු කිසි කෙනෙකුට මගෙ මිල කියන පුරුද්දක්‌ මට නෑ. මුදල් සම්බන්ධව මගේ අත්දැකීම කොහොමද කියනවානම් මට බැංකුවකට ගිහින් වැඩක්‌ කරගන්න තවම අවබෝධයක්‌ නෑ. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. ඒත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.
දැන් බලන්න. වාහනයක්‌ හයර් කරගෙන බේත් ටික අරන් එන්න මාසෙකට රුපියල් පනස්‌ දාහක්‌ විතර යනවා. මේ ගෙදර ඉන්නෙ කුලියට. ගෙවල් කුලී විසි දාහක්‌ යනවා. ඒත් කවදාවත් මට සල්ලි නෑ කියන පීඩාව ඇතිවෙලා නෑ. මං කිසිකෙනකුට වරදක්‌ කරලා නෑ. වරදක්‌ වෙන්නෙත් නෑ. කසුන් හැකි පමණින් මං ගැන බලනවා. ඒ හැරුණුවිට මුදල් අඩුපාඩු වෙලාවට කවුරු හෝ ඇවිත් මට උදව් කරනවා. අසනීපයි කියලා මගේ නිර්මාණ ජීවිතේ තවම නැවතිලා නෑ. ළ`ගදීත් බණ්‌ඩාර අතාවුදට, ඉන්ද්‍රdනි බෝගොඩට, ටී.එම් ට නිර්මාණ කීපයක්‌ කළා. ඊයේ උදේ වරුවෙ ගුවන්විදුලි වැඩසටහන් දෙකකට සහභාගී වුණා. මේ ගතවෙන මොහොත ගැන මං තෘප්තිමත්.
ඔහු කතාව හමාර කර සිනාසෙන නෙත් වලින් බලා හි`දී. ඒ බොරපැහැ ගැනෙමින් ඇති නෙත් තුළ පැතිරීගිය උපේක්‌ෂාව ඔහු පෙළන කායික වේදනාව ස`ගවා ඇති අයුරු දකිමි. ගෙල තෙක්‌ වැටෙන්නට හැර ඇති පැසුණු හිසකෙස්‌ සහිත මේ සො`දුරු මිනිසා එච්.එම් ජයවර්ධන නමැති මහා යෝධයා ගැන සිහිනය මගෙන් දුරස්‌ කරයි. දැන් මා දකින්නේ කිසිදාක මියනොගිය සියඹලාණ්‌aඩුවේ ගැමියා ය. අහිමි වීමෙන් උපදිනා සංවේදන උපේක්‌ෂා සහගත තෘප්තියකින් වින්දනය කළ හැකි ශික්‌ෂණය ඇතිවන්නේ ඒ ගැමියන් තුළය. මහපොළොව හා ගැටි ගැටී බොහෝ කටුසර භෝග වගාකොට එහි ඵල බර දකිමින් ගිමන් හරින වියපත් ගොවියෙකුගේ තෘප්තිමත් වත මේ කෙස`ග මිනිසා තුළ පෙනේ. එච්.එම්. ජයවර්ධන නමැති ප්‍රභූ ගාන්ධර්වයා ඒ අව්‍යාජ ගැමියාගේ අධ්‍යාත්මයේ රූපණයක්‌ම යෑයි විශ්වාස කරමි.
ජානක ලියනආරච්චි

Tuesday, July 21, 2015

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා- ලක්බිම පුවත්පත ඇසුරින්.

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක්
ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”
මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.
පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි.
අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී
වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු
ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.
- ලක්බිම පුවත්පත ඇසුරින්.

Wednesday, June 24, 2015

මෙලොවදීම දෙවියන් දෑක්කෙමි (Copied From FB ,Chathula Priyantha at HEMAS HOSPITAL, WATTALA, SRI LANKA)

__________________________
(ඔබට විනාඩියක් ඈත්නම් කියවා බලන්න )
පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.
*සල්ලි එවන්න
*ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න
*මම ගුණසිංහපුරෙන් ගන්නම්
ඔවෑනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපගවී තොරතුරු විමසුවෙමි
[මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ]
මගෙ ගම බදුල්ලෙ මහත්තය,
නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ
මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව
(මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් )
එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා
ඊට ටිකකාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා
එතනදි මම තීරනය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හෑබෑයි ඒකට අවසර ලෑබුනෙ නෑ. නීතියෙන් මට තිබුනෙ හොඳ වකුගඩුවකුයි ඩෑමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගෙ අප්පච්චිව ගොඩ දෑම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මෑරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නව , හෑබෑයි දන්නම් මුත්‍රා එක්ක ලේ යනව තව මාස කීපයයි තියෙන්නෙ ...
"අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද?
මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහෑකි විය.
"ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.,
වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දෑන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහ පුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න.උදේට ඒක එනව ආය කොළඹ ගිහින් වෑඩේ කරගෙන යනව ගමේ, ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුනි, කතාව පුරාවටම තිබුනේ අව්‍යාජ් සිනාව පමනකි,
ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි.
කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව 
ඔහු සෑහෑල්ලුවෙන් කීය.
මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දෑන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගෑනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමනකි
මහත්තයට ගොඩක් ස්තූතියි,මේක කරගත්තොත් ඉක්මනට යතෑකි...ඒත් මහත්තයට සල්ලි තියනවද?
ඔහු හරි පුදුම ම්නිසෙකි..නෑත හෑබෑවින්ම දෙවියෙකි
ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.
මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.
ඔහු ඉතා කාරුනිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි,
මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි..දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්'
ඔහු ගියේය...... මා බලා සිටියෙමි,
මට එකතෑනක වෑරදුනෙමි...ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්‍රනය කිරීම පමනකි.
නමුත් මෑරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........

Wednesday, April 29, 2015

සොඳුරිය මට නොකියාම ගියා..!

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

Thursday, April 23, 2015

Educated අම්මා!!!

පේරාදෙනි සරසවියෙන් විද්‍යා උපාධියක් අරන්
මහ ඉහලින් සමත්වෙලා පරිපාලන විභාගයෙන්
ඒ ඔක්කොම ෆයිල් කරලා ලාච්චුවක තියලා අරන්
මගෙ අම්මා වැඩට නොයා ගෙදර හිටියා මාව රැකන්

ස්ටේටස් රැකගන්න කියලා චේන්ජ් එකක් ඕනේ කියලා 
මොන්ටිසෝරියකට යනවා පන්දාහට ලොකු නැන්දා 
ගෙදර ඉන්න කොට අවුල් ලු ලොකුම ඉෂූ එකක් වෙලා 
සැලූන් එකක වැඩට යනවා එහා ගෙදර ලොකු අක්කා 

"ළමයි එක්ක නිකං ගෙදර ඉන්නේ අපරාදේ" කියලා 
නිතරම දෙන ඇඩ්වයිසස් අහලම දැන් පුරුදු වෙලා 
එහෙම කියන ඈයෝ ළඟඳී මගේ ඔලුව අත ගාලා 
සද්ද නැතුව හිටියේ අම්මා කට කොනකින් හිනා වෙලා

"ජොබ් කට්ටක් හොයා ගන්න කොලිෆයිඩ්ම නැද්ද ඔයා?" 
කියලා අහන එවුන් එක්ක මම දවසක් පරල වෙලා 
"කට වහගෙන ඉන්නේ ඇයි අම්මේ උගත් වෙලත් ඔයා"
"බණින්න තිබුනේ අම්මට" කිවුවා ඇයට තුරුල් වෙලා 

දරුවන්ගේ ආදරේට මිලක් දෙන්නේ කොහොම කිරලා 
දරුවන් එක්කම ඉන්නත් 'පින තියෙන්න ඕනේ' කියලා 
ඒ ගොල්ලොට බැරි උනාට "ඒකත් බයි චොයිස්" කියලා 
මගේ අම්මා හිනා උනා නලලට හාදුවක් දීලා

රෑ පාඩම් කරද්දී මට නිදිමත ටික ටික එනකොට 
"මගේ පුතාට කෝපි එකක්" කියලා ගෙනත් දෙයි ළඟටම 
රෑට පාන්දරට මගේ තනි මකන්න ළඟ ඉන්නට 
පොතක් අරන් ඉඳගන්නවා මගේ අම්මත් ඒ මේසේම

ප්‍රතිඵල ආදා විභාගේ මම ඉහලින් පාස් කියලා 
'මගේ පුතාගේ මහන්සියනේ' කියලා ක්‍රෙඩිට් මටම දීලා 
මගෙත් එක්ක නිදිමරලම කළු උන ඇස් හීන් කරලා 
හිනා උනා මගේ අම්මා ලෝකේ දිනුවා වගේ හිතිලා 
පිරිමි ළමයි මගෙත් එක්ක යාලු වෙන්න අහපු දාට 
අම්මගේ මූණයි මැවුනේ හඳක් වගේ පෝය දාට 
මම දන්නවා 'ඔය දෙන්නට' බෑ ඒ දුක දරා ගන්ට 
ඒ හින්දයි "බෑ කිව්වේ" ඔය දෙන්නට 'ආදරේට'

මම රස්සාවට යනකොට අතේ මුදල් ගැවසෙන කොට 
හැමදේටම තාත්තගෙන් අම්මා සල්ලි ඉල්ලනකොට 
හිතූ පැතූ දේ අම්මා නොකළ නිසා හිතුනා මට 
"රස්සාවක් කරන්න හිතිලාම නැද්ද?" මගේ අම්මට

රස්සා කරලා තියනවා මගේ පුතා එන්න කලින් 
ඉන් පස්සේ අපිට තිබුනේ නැහැ ඔබ හැර ලොවක් වෙනින් 
සල්ලි හොයනවාට වැඩිය හදාගන්න ඔයා හොඳින් 
ගෙදර හිටියේ ඔයත් එක්ක දුකෙන් නෙවෙයි හරි සතුටින් 

උදේ එකට මේසේ ඉඳන් අපි ඔක්කොම කෑම කද්දී  
හවහට ඉස්කෝලේ ඇරිලා අත් අල්ලන් පයින් එද්දී 
දවසේ වෙච්චි ඒවා කියලා මහ හයියෙන් හිනා වෙද්දී 
එහෙව් සතුට 'මට නම් නැහැ' කලබලයෙන් වැඩට යද්දී  

Tuesday, April 7, 2015

RESOURCES BELONG TO THE SOCIETY.


Germany is a highly industrialized country. In such a country, many will think its people lead a luxurious life.
When we arrived at Hamburg , my colleagues walked into the restaurant, we noticed that a lot of tables were empty. There was a table where a young couple was having their meal. There were only two dishes and two cans of beer on the table. I wondered if such simple meal could be romantic, and whether the girl will leave this stingy guy.
There were a few old ladies on another table. When a dish is served, the waiter would distribute the food for them, and they would finish every bit of the food on their plates.
As we were hungry, our local colleague ordered more food for us.When we left, there was still about one third of un-consumed food on the table.
When we were leaving the restaurant, the old ladies spoke to us in English, we understood that they were unhappy about us wasting so much food.
"We paid for our food, it is none of your business how much food we left behind," my colleague told the old ladies. The old ladies were furious. One of them immediately took her hand phone out and made a call to someone. After a while, a man in uniform from Social Security organisation arrived. Upon knowing what the dispute was, he issued us a 50 Euro fine. We all kept quiet.
The officer told us in a stern voice, "ORDER WHAT YOU CAN CONSUME, MONEY IS YOURS BUT RESOURCES BELONG TO THE SOCIETY. THERE ARE MANY OTHERS IN THE WORLD WHO ARE FACING SHORTAGE OF RESOURCES. YOU HAVE NO REASON TO WASTE RESOURCES."
The mindset of people of this rich country put all of us to shame. WE REALLY NEED TO REFLECT ON THIS. We are from country which is not very rich in resources. To save face, we order large quantity and also waste food when we give others a treat.
(Courtesy: A friend who is now changed a lot)
THE LESSON IS:- THINK SERIOUSLY ABOUT CHANGING OUR BAD HABITS. Expecting acknowledgment, that u read the message and forward to your contacts. 
VERY TRUE -"MONEY IS YOURS BUT RESOURCES BELONG TO THE SOCIETY."

Thursday, March 26, 2015

කෙල්ල

උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට අම්ම කිව්වෙ
"කෙල්ලෙක් උනොත් හොදයි" කියලා...
උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ
"ලස්සන ගැහැණු දරුවෙක්" කියලා....
උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ
"සොක් කෙලී පැටියා" කියලා....
උබ ටික ටික ලොකු වෙනකොට
හැමෝම කිව්වේ "දගකාරි" කියලා...
උබ ලොකු ලමයෙක් උනහම තාත්ත
කිව්වේ උබත් දැන් ලමිස්සියක් කියලා...
උබේ ටික ටික උබේ මුන පහැපත්
වෙනකොට ගමේ කොල්ලො කිව්වෙ
පොඩි උනාට "පට්ට" කියලා....
උබේ තත්තා පෙසර් වැඩි වෙලා නිදි
ඇදේම මලාම ගමම කිව්වෙ "කෙල්ල පව්" කියලා...
උබ කිලුටු ඇදන් විබාගේ ලියල ඒ 9ක් ගත්තාම
ඉස්කෝලේ ට්චලා කිව්වේ "දස්ස කෙල්ල" කියලා...
උබේ අම්ම ලෙඩ ඇදට වැටිල උසස් පෙල කර
ගන්න බැරි උනහම නැන්දා කිව්වේ "අසරනී" කියලා....
උබ ජිවිතේ බර උහුලන්න ගාමන්ට් යනකොට
පාරේ උන් කිව්වේ "ලස්සන උනාට" ඔකීට මෙලේ
නෑ කියලා...උබ ත්රිවිල් අය්යාත් එක්ක යලු උනහම
ගමම කිව්වේ "ඒකිත් ඉවරයි" කියලා...
උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඇදුම ඇදන් ගිය
පලවෙනි දවසේ සුපවයිසර්ලා කිව්වේ ඒක පට්ට
කෑල්ලක්නෙ බන් කියලා....
උබ ඉරිදට ඉරිදට ත්රිවිල් අය්යගේ බේරැමක් නැතුව
ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිව්වේ එකිත්
හොද බඩ්ඩ කියලා.....
නොදැනුවත්වම ත්රිවිල් අය්යා තාත්ත වෙලා උබේ බඩ
එන කොට නෑදෑයො කිව්වේ ඔය "කර ගත්තේ" කියලා....
උබේ බඩට මාසතුනක් වෙනකොට ත්රිවිල් අය්යා ගමෙන්
ගිහින් කියලා දැන ගන්නකොට උබ උබටම කිව්වේ
කාලකන්ණි ගෑනි කියලා....
රජයේ රොහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ
උනහම නර්ස්ලා නොකිය කිව්වේ "වටේ ගිය" එකක් කියලා...
උබ දරුවව ලොකු කරන්න ගල් වලේ වැඩ කරනකොට ගල්
වලේ උන් කිව්වෙ උබට "ඕවා හුරු නෑ"බන් කියලා....
උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු
වලින් හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිව්වෙ
"ගණිකාව" කියලා....හ්දිස්සියේම ගෙදරට පැනපු පොලිසියේ
මහත් හොරු කිව්වේ නැගපිය :පට්ට වේ***" වාහනේට කියල....
උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවෙදි මාමලා
බලන්න එනකොට උන් කිව්වේ "සැකකාරිය" කියලා ....
එතකොට උබ කිව්වේ අනෙ "මගෙ පොඩි එකා" මාමේ
කියලා...උබ උසාවියට ගොඩ උනහම එකේ උන් කිව්වේ
විත්තිකාරිය කියලා....ඇප තියන්න වත්කම් නැතුව මහ
උලු ගෙදරට ගියහම ඒකේ උන් කිව්වේ තවත්
"හොද නම්බරයක්" කියලා....හිර කුඩු කුරු අතර වසර
ගානක් එවිලා උබ උබේ හුස්ම අහසට මුහු කාලාම උබේ
අවසන් කටයුතු වලට අපු හාමුදුරොවො කිව්වෙ උපාසක අම්ම කියලා...
මම දැන් උබට කියන්නෙ කෙල්ලේ කියලා.
මේ සමාජය හරි කුරිරුයි බන් කෙල්ලේ....ඒක නිසා පරිස්සමෙන්.....