පේරාදෙනි සරසවියෙන් විද්‍යා උපාධියක් අරන්
මහ ඉහලින් සමත්වෙලා පරිපාලන විභාගයෙන්
ඒ ඔක්කොම ෆයිල් කරලා ලාච්චුවක තියලා අරන්
මගෙ අම්මා වැඩට නොයා ගෙදර හිටියා මාව රැකන්
මහ ඉහලින් සමත්වෙලා පරිපාලන විභාගයෙන්
ඒ ඔක්කොම ෆයිල් කරලා ලාච්චුවක තියලා අරන්
මගෙ අම්මා වැඩට නොයා ගෙදර හිටියා මාව රැකන්
ස්ටේටස් රැකගන්න කියලා චේන්ජ් එකක් ඕනේ කියලා
මොන්ටිසෝරියකට යනවා පන්දාහට ලොකු නැන්දා
ගෙදර ඉන්න කොට අවුල් ලු ලොකුම ඉෂූ එකක් වෙලා
සැලූන් එකක වැඩට යනවා එහා ගෙදර ලොකු අක්කා
"ළමයි එක්ක නිකං ගෙදර ඉන්නේ අපරාදේ" කියලා
නිතරම දෙන ඇඩ්වයිසස් අහලම දැන් පුරුදු වෙලා
එහෙම කියන ඈයෝ ළඟඳී මගේ ඔලුව අත ගාලා
සද්ද නැතුව හිටියේ අම්මා කට කොනකින් හිනා වෙලා
"ජොබ් කට්ටක් හොයා ගන්න කොලිෆයිඩ්ම නැද්ද ඔයා?"
කියලා අහන එවුන් එක්ක මම දවසක් පරල වෙලා
"කට වහගෙන ඉන්නේ ඇයි අම්මේ උගත් වෙලත් ඔයා"
"බණින්න තිබුනේ අම්මට" කිවුවා ඇයට තුරුල් වෙලා

දරුවන්ගේ ආදරේට මිලක් දෙන්නේ කොහොම කිරලා
දරුවන් එක්කම ඉන්නත් 'පින තියෙන්න ඕනේ' කියලා
ඒ ගොල්ලොට බැරි උනාට "ඒකත් බයි චොයිස්" කියලා
දරුවන් එක්කම ඉන්නත් 'පින තියෙන්න ඕනේ' කියලා
ඒ ගොල්ලොට බැරි උනාට "ඒකත් බයි චොයිස්" කියලා
මගේ අම්මා හිනා උනා නලලට හාදුවක් දීලා
රෑ පාඩම් කරද්දී මට නිදිමත ටික ටික එනකොට
"මගේ පුතාට කෝපි එකක්" කියලා ගෙනත් දෙයි ළඟටම
රෑට පාන්දරට මගේ තනි මකන්න ළඟ ඉන්නට
පොතක් අරන් ඉඳගන්නවා මගේ අම්මත් ඒ මේසේම
ප්‍රතිඵල ආදා විභාගේ මම ඉහලින් පාස් කියලා
'මගේ පුතාගේ මහන්සියනේ' කියලා ක්‍රෙඩිට් මටම දීලා
මගෙත් එක්ක නිදිමරලම කළු උන ඇස් හීන් කරලා
හිනා උනා මගේ අම්මා ලෝකේ දිනුවා වගේ හිතිලා

පිරිමි ළමයි මගෙත් එක්ක යාලු වෙන්න අහපු දාට
අම්මගේ මූණයි මැවුනේ හඳක් වගේ පෝය දාට
මම දන්නවා 'ඔය දෙන්නට' බෑ ඒ දුක දරා ගන්ට
ඒ හින්දයි "බෑ කිව්වේ" ඔය දෙන්නට 'ආදරේට'
මම රස්සාවට යනකොට අතේ මුදල් ගැවසෙන කොට
හැමදේටම තාත්තගෙන් අම්මා සල්ලි ඉල්ලනකොට
හිතූ පැතූ දේ අම්මා නොකළ නිසා හිතුනා මට
"රස්සාවක් කරන්න හිතිලාම නැද්ද?" මගේ අම්මට
රස්සා කරලා තියනවා මගේ පුතා එන්න කලින්
ඉන් පස්සේ අපිට තිබුනේ නැහැ ඔබ හැර ලොවක් වෙනින්
සල්ලි හොයනවාට වැඩිය හදාගන්න ඔයා හොඳින්
ගෙදර හිටියේ ඔයත් එක්ක දුකෙන් නෙවෙයි හරි සතුටින්
උදේ එකට මේසේ ඉඳන් අපි ඔක්කොම කෑම කද්දී
හවහට ඉස්කෝලේ ඇරිලා අත් අල්ලන් පයින් එද්දී
දවසේ වෙච්චි ඒවා කියලා මහ හයියෙන් හිනා වෙද්දී
එහෙව් සතුට 'මට නම් නැහැ' කලබලයෙන් වැඩට යද්දී

No comments:
Post a Comment