සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන් නැති නිසා...
නිවා ගන්නට දැනුන බඩගිනි
කෑම හොය හොය මම ගියා...
යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස් ගියා...
එද්දි හස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහිවුනා...
පොඩ්ඩා ආසම කන්න පොල්මයි
සිහිවෙලා හිනහත් ගියා...
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා...
ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා....
බලලා වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උනා...
වෙනදා වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිරවෙලා...
කටින් අල්ලන් ඇද්දා තදටම
මගේ මුලු හයියම තියා....
කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා....
උඩින් වැටුනේ යකඩ පතුරක්
බෙල්ල විදගන උල් ගියා...
පෙලාගන කුස රැදුනු බඩගිනි
ගසාගන කොහෙදෝ ගියා..
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උනා...
එන්න බැරිවෙයි අයම අම්මට
පොඩ්ඩෝ අම්මව අහුවුනා...
උබව සිහිවී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උනා...
කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්
පොඩ්ඩෝ එලියට පිටවුනා...
හිර වෙලා මම ගොඩක් ඇඩුවා
උබේ පංගුව බල බලා....
කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...
උසස් මනසට මිනිස් මොලයට
තිරිසන්නු අපි පැරදුනා...

No comments:
Post a Comment